Where the Life Meets Cricket

info@cricketlk.com

නවසීලන්‍ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ක්‍රිකට් දිවියට සමුදෙයි

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.
 
ඉළ ඇට පෙළේ ආබාධ තත්වයක් හේතුවෙන් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
 
35 හැවිරිදි වියේ පසුවන ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28 කට , එක්දින තරග 21 කට සහ විස්සයි විස්ස තරග 20 කට ක්‍රීඩාකර තිබෙනවා.
 
එහිදී බ්‍රේස්වෙල් ටෙස්ට් කඩුලු 74 ක් එක්දින කඩුලු 26 ක් සහ විස්සයි විස්ස කඩුලු 20 ක් දවාගෙන තිබෙනවා.
 
ඔහුගේ පියා සහ මාමා ද නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග සඳහා ක්‍රීඩාකර තිබීම ද විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *