Where the Life Meets Cricket

info@cricketlk.com

"අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වේ නැහැ"

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි හතරවන වන T20I තරගයෙන් ලකුණු 30 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස අදහස් පළකළා.

“අඩුම තරමින් අපි අපේ පිතිකරණ අංශවලින්වත් දියුණු වුණා.

අපි තවමත් අපේ පහර දීම දියුණු කර ගත යුතුයි.

ඔවුන් (ඉන්දියාව) ඔවුන්ගේ සැලසුම් අනුව ඉතා හොඳින් පිතිකරණය කළා.

අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වේ නැහැ, එය තරුණ පන්දු යැවීමේ ප්‍රහාර සහ බොහෝ අද්දැකීම් අඩුකමයි.

ඔවුන් මේ තරඟාවලි වලින් බොහෝ දේ ඉගෙන ගන්නවා

මොකද ඔවුන් මේ මොහොතේ ලෝකයේ හොඳම කණ්ඩායම සමඟ ක්‍රීඩා කරනවා.

ඊළඟ තරඟයේදී ඔවුන් ඔවුන්ගේ උපරිමය ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඇය (වෛෂාන්වි) ඇත්තටම හොඳින් පන්දු යවනවා, ඇය අවුරුදු 19 න් පහළ ක්‍රීඩා කළ නිසා ඇය ගොඩක් දියුණු වෙලා තියෙනවා, ඇය ක්‍රීඩා කළ ආකාරය මම දැක්කා.

ඇය WPL ක්‍රීඩා කරන්නේ නැහැ, නමුත් ඇය ඇත්තටම හොඳින් පන්දු යැව්වා, සැලැස්මට අනුව, වැදගත්ම දෙය නම් ඇය සැලසුම් කළ ආකාරයයි. හර්මන්ප්‍රීත් ඇයව කළමනාකරණය කළ ආකාරය මම දැක්කා, ඇත්තටම ඉන්දියාව හොඳයි”

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *