Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශ පුහුණුකරුවෙකු ක්‍රීඩාංගණයේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට

බංග්ලාදේශ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ද මෙන්ම මෙවර BPL තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු Mahbub Ali Zaki අද (27) ජීවිතක්ෂයට පත්වුණා.
 
ඒ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටියදී සිදුවී හදිසි ඇද වැටීමක් හේතුවෙන් බවටයි මාධ්‍ය වාර්තා පළ වූයේ.
 
අදාළ අවස්ථාවේදී ක්‍රීඩා පිටියේදී ඔහුට CPR ලබාදී තිබූ අතර රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
 
ජීවිතක්ෂයට පත්වන විට Mahbub Ali Zaki 59 හැවිරිදි වියේ පසුවුණා.
 
ඔහු 2008 වසරේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඉහළ කාර්ය සාධනයක් සහිත පුහුණුකරුවෙකු ලෙස සම්බන්ධ වී තිබීම ද විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *