Where the Life Meets Cricket

info@cricketlk.com

බොක්සිං දින ටෙස්ට් තරගයේ තණතීරුවට දස දෙසින් චෝදනා

මෙවර අළුබඳුන හතරවන ටෙස්ට් තරගය සඳහා ලබාදී ඇති තණතීරුව (Pitch) සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විවේචන එල්ල වී තිබෙනවා.
 
ඊට හේතුව වී ඇත්තේ තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක වන අද (27) දිනය වනවිට කඩුලු 30 ක් බිඳවැටීම හේතුවෙනුයි.
 
බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර වෙන් කරගත් ක්‍රීඩා ලෝලීන්‍ට තරගයේ මාධ්‍ය ආවරණයන් සිදුකරන විකාශකයන්ට ද මේ හේතුවෙන් බලපෑම් එල්ල වන බවටයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
සම්ප්‍රදායානුකූලව බොක්සිං දින ටෙස්ට් තරගය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද වාර්තා වනවා.
 
තරගයේ පළමු දිනයේදී පමණක් ප්‍රේක්ෂකයන් 94,199 ක් දෙනෙකු තරගය නැරඹීම සඳහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙනවා.
 
මේ අතර එංගලන්ත හිටපු ක්‍රීඩක මයිකල් වෝන් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අළුබඳුන හතරවන ටෙස්ට් තරගය සඳහා ලබාදී තිබූ තණතීරුව විහිළුවක් බවයි.
 
මෙය ටෙස්ට් තරගයක් සඳහා උචිත කඩුල්ලක් නොවන බවයි එංගලන්ත හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවඩ් බ්‍රෝඩ් පෙන්වා දුන්නේ.
 
මේ වනවිට ඔස්ට්‍රේලියා කණ්ඩායමේ දෙවන ඉනිම අවසන් වුණා.
 
ඔවුන්ට පන්දුවාර 34.3 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 132 ක් පමණයි.
 
ඒ අනුව, එංගලන්ත කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ලකුණු 175 ක් පමණයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *