Where the Life Meets Cricket

info@cricketlk.com

බොක්සිං දිනයේදී තවත් ශක්තිමත් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම

ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරන ටෙස්ට් තරග වලදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරන බව සැවොම දන්නා කරුණක්.
 
2011 වසරේ සිට 2024 වසර දක්වා කාලසීමාව තුළ  ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති බොක්සිං දින ටෙස්ට් තරග ඊට කදිම නිදසුනක්.
 
අදාළ කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් බොක්සිං දින ටෙස්‍ට් තරග 14 ක් පවත්වා තිබෙනවා.
 
ඉන් ඔස්ට්‍රේලියා කණ්ඩායම තරග 10 ක් ජයගෙන තිබෙනවා.
 
සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම එහිදී පරාජය වී ඇත්තේ අවස්ථා 02 කදී පමණයි.
 
ඒ ඉන්දීය කණ්ඩායම එරෙහිව 2018 සහ 2020 යන වසරවලදී පැවති බොක්සිං දින ටෙස්‍ට් තරගවලදීයි.
 
එමෙන්ම අදාළ කාලසීමාව තුළ පැවති බොක්සිං දින ටෙස්ට් තරග 02 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
 
ඒ 2014 වසරේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව සහ 2017 වසරේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති බොක්සිං දින ටෙස්ට් තරග ද්විත්වයයි.
 
පෙර පරිදිම මෙවරත් බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙනවා.
 
පසුගිය වසරේදී පැවති තරගයේදීද මෙල්බන් ක්‍රීඩාංගණයේ නැරඹුම් වාර්තා අලුත් වුණා.
 
මෙවර බොක්සිං දින ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය ස්ටීව් ස්මිත් වෙත හිමිව තිබෙනවා.
 
ඒ නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගය සඳහා ක්‍රීඩා නොකිරීම හේතුවෙනුයි.
 
එමෙන්ම ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ද මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.
 
ඒ ආබාධ තත්වයක් හේතුවෙනි.
 
සුප්‍රකට බොක්සිං දින ටෙස්ට් තරගය හෙට (26) මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More