Where the Life Meets Cricket

info@cricketlk.com

වාර්තා රැසක් අලුත් වූ List A තරගය

ඉන්දීය පිතිකරුවෙකු List A තරගයකදී රැස් කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට Sakibul Gani ඊයේ (24) සමත් වුණා.
 
ඒ 2025 – 26 විජේ හසාරේ කුසලාන තරගාවලියේ ඊයේ (24) පැවති Arunachal Pradesh කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි.
 
එහිදී Bihar කණ්ඩායම නියෝජනය කළ Sakibul පන්දු 32 කදී ශතකයක් රැස්කිරීමට සමත් වුණා.
 
මේ අතර, List A තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වාර්තා වුණා.
 
එහිදී Bihar කණ්ඩායම කඩුලු කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 576 ක් රැස් කිරීම ද විශේෂත්වයක්.
 
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රියත්මක කළ වයිබව් සූර්යවංශි ලකුණු 150 සීමාව පසුකර ගියේ පන්දු 59 කදීයි.
 
එය සැළකෙන්නේ List A තරගයකදී  පිතිකරුවෙකු ලකුණු 150 සීමාව වේගයෙන්ම පසුකර ගිය අවස්ථාව ලෙසයි.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *