මෙල්බන් හිදී හෙට ආරම්භ වන එංගලන්තයට එරෙහි සිව්වන ටෙස්ට් තරගය සඳහා ඔස්ටේ්රලියා අවසන් 12 දෙනාගේ සංචිතය නම් කර ඇත.
එහිදී වේග පන්දු යවන්නන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇති අතර අවසන් 11 දෙනා තෝරා ගැනීමට පෙර මෙල්බන් තණතීරුව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව තාවකාලික නායක ස්ටීවන් ස්මිත් පවසයි.
අවසන් ස්ථාන දෙක පිරවීම සඳහා බ්‍රෙන්ඩන් ඩොගට්, මයිකල් නෙසර් සහ නැවත පැමිණෙන ජයි රිචඩ්සන් සමග ඔවුන්ගේ වේග ප්‍රහාරක බලඇණියේ අවසාන සැකැස්ම පිළිබඳව තීරණය කිරීම හෙට (26) සිදුවනු ඇති.
ජොෂ් ඉන්ග්ලිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති නමුත් ප්‍රවීණ පිතිකරු උස්මාන් කවාජා ස්ථානය රඳවා ගැනීමට සමත්වී තිබේ.
Australia XII for fourth Test: Travis Head, Jake Weatherald, Marnus Labuschagne, Steve Smith (c), Usman Khawaja, Alex Carey (wk), Cameron Green, Mitchell Starc, Scott Boland, Brendan Doggett, Michael Neser, Jhye Richardson
