කමින්ස් වෙනුවට සුදුසුම නායකයා ස්මිත් ද?
ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ක්‍රීඩා නොකරන ටෙස්ට් තරග වලදී නායකයෙකු ලෙස ස්ටීව් ස්මිත් විශිෂ්ට දක්ෂතා දක්වා තිබෙනවා.
ඒ අනුව, ඔහු පැට් කමින්ස් වෙනුවට ආදේශ නායකයෙකු ලෙස ටෙස්ට් තරග 08 කට ක්‍රීඩා කර තිබෙනවා.
ඉන් කිසිදු ටෙස්ට් තරගයක් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙතෙක් පරාජයට පත්වී නැහැ.
කෙසේවෙතත්, එක් තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
මෙවර Boxing Day ටෙස්ට් තරගයේ නායකත්වය ද හිමිව ඇත්තේ ස්ටීව් ස්මිත්ටයි.
ඊට හේතුව වී ඇත්තේ ඔස්ට්‍රේලියා නිත්‍ය නායක පැට් කමින්ස් එම තරගයට ක්‍රීඩා නොකිරීමයි.
මෙවර Boxing Day ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා සිට 30 වනදා දක්වා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා වාර්තාගත ප්‍රේක්ෂක සහභාගීත්වයක් මෙවරත් අපේක්ෂා කෙරෙනවා.
කෙසේවෙතත් මෙවර අළුබදුන ටෙස්ට් තරගාවලියේ ජය තරග 3 – 0 ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.
Boxing Day ටෙස්ට් තරගය මෙවරත් ලොව පුරා වෙසෙන ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත අපූරු ආශ්වාදයක් ලබා දෙනු නොඅනුමානයි.


