ටෙස්ට් පිටියේ දිනෙන් දින පසුබසින කොදෙව්වන්
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ටෙස්ට් පිටිය තුළ තරමක අසාර්ථකත්වයක් මේ දිනවල පෙන්නුම් කරමින් සිටිනවා.
විශේෂයෙන්, කොදෙව්වන්ගේ ටෙස්ට් තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය අතිශය දුර්වල මට්ටමකයි පවතින්නේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 17 න් ජයගෙන ඇත්තේ ටෙස්ට් තරග 02 ක් පමණයි.
ඒ අනුව ඔවුන් අවසන් වරට ක්‍රීඩාකළ ටෙස්ට් තරග 17 න් 13 ක් ම පරාජයට පත්වී තිබෙනවා.
එමෙන්ම තරග 02 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබීම ද විශේෂත්වයක්.
අද (22) නිමාවට පත්වූ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ද තරග 2 – 0 ක් ලෙස කොදෙව්වන් පරාජයට පත්වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු නායක ඩැරන් සමී විසිනි.
කලක් ක්‍රිකට් පිටියේ දැවැන්තයෙන් ලෙස සිටි කොදෙව්වන්ගේ පසුබෑම පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලොවේ සුවිශේෂී අවධානයක් යොමුව තිබෙනවා.


