සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායකයා ලෙස Richard Ngarava පත්කර තිබෙනවා.
මීට පෙර සිම්බාබ්වේ එක්දින සහ ටෙස්ට් නායකත්වය දරනු ලැබුවේ Craig Ervine විසිනි.
ඔහු ටෙස්ට් සහ එක්දින නායකත්වයෙන් ඉවත් වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
එමෙන්ම කණ්ඩායමේ උප නායකයා ලෙස බ්‍රයන් බෙනට් කටයුතු කරනු ඇති.
කෙසේවෙතත් සිම්බාබ්වේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය තවදුරටත් සිකන්දර් රාසා වෙත හිමිව තිබෙනවා.
