සංචාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 3 – 0 ක් ලෙස ජය ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.
පසුගියදා නිමාව දුටු කාන්තා එක්දින්ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලොව පුරා ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයන්ගේ විශාල අවධානයක් දිනා ගත්තා.
ඊට ප්‍රධානතම හේතු සාධකයක් වූයේ දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් ගේ සාර්ථක පිතිකරණයයි.
මෙම තරගාවලියේදීද ඇය අඛණ්ඩව ශතක දෙකක් රැස්කිරීමට සමත් වුණා.
දෙවන තරගයේදී පන්දු 11 කින් ලකුණු 121 ක් රැස්කළ ලෝරා තුන්වන තරගයේදී පන්දු 93 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 100 ක් රැස්කළා.
අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිවූයේ ලෝරා වොල්වාර්ඩ් ට වීම ද විශේෂත්වයක්.
