2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා.
නව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඒ බව අද (19) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මීට පෙර පැවති තේරීම් කමිටුව විසින් නම්කර තිබුණු බව ද හෙතෙම සඳහන් කළා.
කෙසේවෙතත්, එම සංචිතයේ වෙනසක් සිදු නොවනු ඇති බවද නව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
