Where the Life Meets Cricket

info@cricketlk.com

T20 ලෝක කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලමෙන් ඇරඹෙයි

‘2026 විස්සයි20’ ලෝක කුසලානයේ ශූරයින්ට හිමිවන කුසලානය ආසියාව වටා රැගෙන යාම ආදම්ගේ පාලම (රාම් සේතු) මතින් නිල වශයෙන් ආරම්භ විය.

 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, ඒ අනුව දෙරටම සම්බන්ධ කරන සංකේතාත්මක දොරටුවක් ලෙසින් පිළිගැනෙන ආදම්ගේ පාලම මේ සඳහා තෝරාගෙන ඇත.

 

කුසලාන චාරිකාව ඉන්දියාව, ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය, නේපාලය, බහරේනය සහ මොන්ගෝලියාව ඇතුළු ආසියානු රටවල් රැසකම රැගෙන යාමට නියමිතය.

 

10වන වරට පැවැත්වෙන මෙවර විස්සයි20 ලෝක කුසලානය ලබන වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා දින 29ක් පුරා පැවැත්වේ.

 

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ස්ථාන 08දී  (ඉන්දියාවේ 5ක් සහ ශ්‍රී ලංකාවේ 3ක්) මෙහි තරග පැවැත්වෙන අතර, ඒ සඳහා කණ්ඩායම් 20ක් සුදුසුකම් ලබා සිටී.

 

තරගාවලියේ තරග නරේන්ද්‍ර මෝදි (අහමදාබාද්), එම්.ඒ.  චිදම්බරම් (චෙන්නායි), අරුන් ජෙට්ලි (දිල්ලිය), වන්කඩේ (මුම්බායි), ඊඩන් ගාඩ්න්ස් (කොල්කටා), ආර්. ප්‍රේමදාස (කොළඹ), එස්.එස්.සී. (කොළඹ) සහ පල්ලෙකැලේ (මහනුවර) යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *