19 න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගයේ නේපාල 19 න් පහළ කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට කඩුලු 8 ක ජයක් අත්විය.
ඩුබායි හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 28.5 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 82 ක් පමණි.
තරගයේ වීරයා වූ සෙත්මික සෙනෙවිරත්න ළකුණු 2 කට කඩුලු 5 ක් බිඳහෙලුවේය.
පිළිතුරු ඉණිම ක්රීඩාකල ශ්රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 14.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකළේය.
ඩිමන්ත මහවිතාන නොදැවී 39 යි.
