Where the Life Meets Cricket

info@cricketlk.com

ආසියානු යොවුන් කුසලානය ශ්‍රී ලංකා නායකත්වය කොළඹ රාජකීයේ විමත් ට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ (යොවුන්) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

 

මෙම කණ්ඩායමේ නායක ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරද, උපනායක ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේද කටයුතු කරයි.

මේ අතර මූලික සංචිතයට නම්කර සිටි යාපනය ශා. ජෝන්ස් විද්‍යාලයේ කුගතාස් මතුලන් ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහු විවේකගන්වා ඇත.

 

ඒ හේතුවෙන් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ පාදඟ පන්දු යවන්නෙකු වන හිමාල් රවිහංස කැඳවා තිබේ.

 

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එම කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය හා නේපාලය ඇතුළත්ව ඇත.

 

ඒ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය දෙසැම්බර් 13වනදා නේපාලයට එරෙහිව පැවැත්වේ.

 

මෙහි ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව හා සත්කාරක එක්සත් අරාබි එමීර් කණ්ඩායම් ඇතුළත්ව ඇත.

 

ශ්‍රී ලංකා සංචිතය

 

1. විමත් දින්සර (නායක) – රාජකීය විද්‍යාලය, කොළඹ
2. කවිජ ගමගේ (උපනායක) – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
3. දීමන්ත මහවිතාන – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
4. විරාන් චමුදිත – ශා. සර්වේශස් විද්‍යාලය, මාතර
5. දුල්නිත් සිගේරා – මහානාම විද්‍යාලය, කොළඹ
6. චාමික හීනටිගල – මහානාම විද්‍යාලය, කොළඹ
7. අද්හම් හිල්මි – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
8. චමරිඳු නෙත්සර – මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය
9. කිත්මා විදානපතිරණ – කොළඹ ආනන්ද විද්‍යාලය 
10. සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර 
11. සනුජ නින්දුවර – ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
12. හිමාල් රවිහංස -ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව  
13. රසිත් නිම්සර – ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල 
14. විග්නේෂ්වරන් ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය 
15. තරුෂ නවෝද්‍යා – සහිරා විද්‍යාලය, කොළඹ

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *