Where the Life Meets Cricket

info@cricketlk.com

පැට් කමින්ස් යළිත් අළුබදුනට

Share This Post

අළුබඳුන තුන්වන ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සහභාගී වන බවට තහවුරු කර තිබෙනවා.
 
කෙසේවෙතත්, තරගාවලියේ ඉතිරි තරගවලින් ජොශ් හේසල්වුඩ් ට ඉවත් වීමට සිදුව ඇති බවටයි දැක්වෙන්නේ.
 
ඒ ආබාධ තත්වයක් හේතුවෙන් වීම ද විශේෂත්වයක්.
 
ඔහු ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීම කෙරෙහි මූලික අවධානයක් යොමුකර තිබෙනවා.
 
ආබාධ තත්වයක් හේතුවෙන් දෙවන තරගයෙන් ඉවත් වූ උසමන් කවාජා ගේ සෞඛ්‍ය තත්වය යහපත් වී ඇති බවත් ඔහු බොහෝදුරට තුන්වන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා පළ වනවා.
 
අළුබදුන ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගය දෙසැම්බර් 17 වනදා ඇඩිලේඩ් හීදී ආරම්භ වීමට නියමිතයි.

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *