අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (07) සමත් වුණා.
ගැබා හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 76.2 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 334 ක් රැස්කළා.
එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාර්ක් ලකුණු 75 කට කඩුලු 06 ක් බිඳහෙලුවා.
සිය පළමු ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 117.3 ක් තුළ සියල්ලන් දැවී ලකුණු 511 ක් රැස්කළා.
ලකුණු 177 ක් පසුපසින් සිටින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 75.2 ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 241 ක් පමණයි.
තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 65 ක පහසු ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව තරගාවලියේ තරග 2 – 0 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
තරගයේ වීරයා සම්මානය හිමිවූයේ මිචෙල් ස්ටාර්ක් වෙතයි.
