Where the Life Meets Cricket

info@cricketlk.com

මෙවර ILT 20 තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම්

මෙවර ILT20 තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් සමත් වී තිබෙනවා.
 
මෙවර තරගාවලියේදී පැතුම් නියෝජනය කරන්නේ Gulf Giants කණ්ඩායමයි.
 
තරග 02 කට සහභාගී වූ ඔහු ලකුණු 148 ක් රැස්කිරීමට සමත් වුණා.
 
ඊට අර්ධ ශතක දෙකක්ද ඇතුළත්.
 
පැතුම් සහභාගී වූ පළමු තරගයේදී Mi Emirates කණ්ඩායමට එරෙහිව ලකුණු 81 ක් රැස්කළා.
 
එමෙන්ම ඊයේ (06) පැවති දෙවන තරගයේදීද Dubai Capitals කණ්ඩායමට එරෙහිව ඔහු ලකුණු 67 ක් රැස්කළා.
 
තරග දෙකේම තරගයේ වීරයා සම්මාන දිනාගත්තේද පැතුම් නිස්සංකයි.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *