පකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
විස්සයි විස්ස තරග තුනක් සඳහා පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන අතර එහි නිල තරග කාලසටහන අද (02) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
තරගාවලිය ලබන වසරේ ජනවාරි 07 වනදා සිට ජනවාරි 11 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
එහි තරග තුනම පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වනු ඇති.
තරග කලසටහන
- 1st T20I – ජනවාරි 07
- 2nd T20I – ජනවාරි 09
- 3rd T20I – ජනවාරි 11
