Where the Life Meets Cricket

info@cricketlk.com

ග්ලේන් මැක්ස්වෙල් 2026 IPL තරගාවලියෙන් ඉවතට?

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් 2026 IPL තරගාවලිය සඳහා ලියාපදිංචි නොවීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වනවා.
 
පසුගිය තරග වාරයේදී ඔහු නියෝජනය කළේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.
 
2012 වසරේදී සිය පළමු IPL තරගාවලිය ක්‍රීඩා කළ මැක්ස්වෙල් එතැන් පටන් 2025 දක්වා අඛණ්ඩව IPL තරගාවලිවලට ක්‍රීඩා කළා.
 
එම කාලසීමාවේදී ඔහු දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කළා.
 
2014 සහ 2021 යන IPL තරගවාරයන් හීදී ඔහු විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළා.
 
කෙසේවෙතත් පසුගිය IPL තරගවාර ද්විත්වයේදී ඔහු පිතිකරුවෙකු ලෙස එතරම් සාර්ථක දක්ෂතා ප්‍රදර්ශනය කළේ නැහැ.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *