BPL වෙන්දේසියේදී ශ්රී ලංකා ක්රීඩකයන් රැසක් අලෙවි වෙයි
2026 බංග්ලාදේශ ප්රිමියර් ලීග් (BPL) තරගාවලියේ මූලික ක්රීඩක වෙන්දේසිය ඊයේ (30) පැවැත්වුණා.
එහිදී ශ්රී ලංකා ක්රීඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායම් රැසක් මිළදී ගෙන තිබුණා.
ක්රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ශ්රී ලංකා ක්රීඩකයා වන්නේ දසුන් ශානකයි.
Daka Capitals කණ්ඩායම විසින් දසුන් ශානක ව මිළදී ගනු ලැබුවේ ඩොලර් 55,000 ක මුදලකට වීමද කැපී පෙනෙනවා.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඩොලර් 35,000 කට Chattogram Royals කණ්ඩායම විසින් මිළදී ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ඩොලර් 35,000 කට Sylhet Titans කණ්ඩායම විසින් මිළදී ගනු ලැබුවා.
ඔවුන් තිදෙනාම විදේශ ක්රීඩක වර්ගීකරණයේ A කාණ්ඩයේ ක්රීඩකයන් ලෙසයි මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් ව තිබෙන්නේ.
විදේශ ක්රීඩක වර්ගීකරණයේ B කාණ්ඩය යටතේ දුශාන් හේමන්ත ඩොලර් 25,000 කට Rajshashi Warriors කණ්ඩායම විසින් මිළදී ගත්තා.
එමෙන්ම විදේශ ක්රීඩක වර්ගීකරණයේ C කාණ්ඩය යටතේ ශ්රී ලංකා හිටපු පිතිකරු ඇන්ජලෝ පෙරේරා ඩොලර් 20,000 කට Chattogram Royals කණ්ඩායම විසින් මිළදී ගනු ලැබුවා.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් Direct Signing ක්රමවේදය යටතේ Noakhali Express කණ්ඩායම සමඟ මීට පෙර ගිවිසුම්ගත වුණා.

2 Responses
Dassa Dakshaya
අසලංකට , මොකද උනේ