තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පකිස්ථානයට හිමිවිය.
තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.
ඒ අනුව ශූරතාව දිනාගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 115 පහසු ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක බිඳවැටෙද්දී ලකුණු පුවරුව පන්දුවාර 10.3කදී 84ක් ලෙස සටහන් වුවද, ඉතිරි කඩුලු 8 ලකුණු 30ක් තුළ දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නන්ට හැකිවිය.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ෂහීන් අෆ්රිඩි (3/18) හා මොහොමඩ් නවාස් (3/17) කඩුලු 3 බැගින් දවාගත්හ.
ශ්‍රී ලංකා ඉනිමේ ගෞරවය බේරාගත් එකම පිතිකරුවා වූ කමිල් මිශාර පන්දු 47කින් ලකුණු 59ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල පකිස්ථානය කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

One Response
Ayyo ape team ekath naaya gihin ganwathurata ahuwela