ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා තබා තිබූ ලෝක වාර්තාවක් බිඳ දැමීමට මුම්බායි යොවුන් ක්රීඩක ආයුෂ් මාත්රේ සමත්වුණා.
18 හැවිරිදි ඔහු සිකුරාදා ලක්නව්හිදී 2025-26 සයිඩ් මුෂ්තාක් අලි කුසලානයේදී නොදැවී ශතකයක් ලබා ගනිමින් රෝහිත් ෂර්මාගේ ලෝක වාර්තාව බිඳ දැමූවේය.
පළමු පෙළ, List A සහ T20 ශතක රැස් කළ ලාබාලම පිතිකරුවා බවට රෝහිත් ශර්මා පත්වූයේ වයස අවුරුදු 19 යි දින 339 කදීය.
2007 මුල් භාගයේදී මුම්බායි වෙනුවෙන් ඉන්දියානු පිතිකරුවෙකු විසින් පළමු T20 ශතකය රැස් කරමින් රෝහිත් එම වාර්තාව පිහිටුවා තිබිණ.
එහෙත් සිකුරාදා ලක්නව්හිදී ආයුෂ් මාත්රේ එම වාර්තාව බිඳ දමනවිට ඔහුගේ වයස අවුරුදු 18යි දින 135 කි.
2026 ජනවාරි මාසයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ආයුෂ් මාත්රේ ඉන්දියාවට නායකත්වය දීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.
