තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
ඒ පකිස්ථානයට එරෙහව රාවල්පිණ්ඩි හි අද (27) පැවති තරගය ළකුණු 6 කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 184 ක් රැස්කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 76 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 40 ක් රැස්කළා.
ජයග්රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178 ක් පමණයි.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තේය.
මෙහිදී තරගය පාකිස්තානය දෙරට හරවා ගැනීමට දැඩි උත්සාහයක් ගත් නායක සල්මන් අගා නොදැවී ලකුණු 63ක් රැස්කළේය.
ඒ අනුව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය පකිස්ථානය සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

One Response
Suba pethum pethum !!