එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවට තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග ඉඟි පළකර ඇතැයි ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කරනවා.
එහිදී, පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය ද සළකා බැලීමට සිදුවන බවයි ඔහු පවසා ඇත්තේ.
මාර්ගගත ක්‍රමයට අද (26) පැවති මාධ්‍ය හමුවකදී උපුල් තරංග සඳහන් කර ඇත්තේ ලෝක කුසලානයට තවත් කෙටි කාලයක් පමණක් පවතින බැවින් විශාල වෙනස්කම් සිදුකිරීමට නොහැකි බවයි.
එහෙත් කණ්ඩායමේ සුබසිද්ධිය සඳහා ගතයුතු අත්‍යවශ්‍යම තීරණ ගැනීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළා.
දැනට ක්‍රියාත්මක තුන්කොන් තරගාවලිය අවසන් වූ වහාම සෑම පාර්ශවයක් සමඟම මේ පිළිබඳ සාකච්ඡා කරන බවයි තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග සඳහන් කර ඇත්තේ.
