
ඉන්දු - පකිස්තාන කණ්ඩායම්
මාධ්‍ය හමු ප්‍රතික්ෂේප කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ඉන්දු – පකිස්තාන තරගයට පෙර කණ්ඩායම් දෙකම මාධ්‍ය හමු සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම විසින් ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවට නොපැමිණෙන බව කලින්ම දැනුම් දී තිබුණා.
කෙසේවෙතත්, පකිස්තානය මාධ්‍ය හමුවට පැමිණෙන බව තහවුරු කර අවසාන මොහොතේදී එය අවලංගු කර ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර පසුගිය සතියේ පැවති මතභේදයට තුඩුදුන් ඉන්දු – පකිස්තාන තරගයේ තීරක ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් අද තරගයේ තීරකවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයව සිටීම විශේෂත්වයක්.
අද තරගය ශ්‍රී ලංකාවට ද ඉතාමත් වැදගත් වනවා.
යම් හෙයකින් පකිස්තාන කණ්ඩායම අද තරගය පරාජයට පත්වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීම කෙරෙහි වැදගත් වනු ඇති.
Share This Post
