Where the Life Meets Cricket

info@cricketlk.com

පරාජයන් 8 කට පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග ජයක්

Share This Post

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

 

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 146 ක් රැස්කළා.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.

 

ලකුණු 147 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පන්දු 16.2 තුළ එම ඉලක්කය සාර්ථකව ජයගත්තා.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 98 රැස්කළා.

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *