Where the Life Meets Cricket

info@cricketlk.com

තුන්කොන් සටනේ දෙවන තරගයේදීත් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකව සහභාගී වූ දෙවන තරගයෙන් අමිහිරි පරාජයක් අත්විදීමට සිදුවුණා.
 
ඒ ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 07 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.
 
රාවල්පිණ්ඩි හීදී අද (22) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
 
ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණයි.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41 ක් රැස්කළා.
 
ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 15 පන්දු 03 තුළ කඩුලු 03 ක් පමණක් දැවී තරගයේ ජය තමන් සතුකර ගත්තා.
 
ඒ අනුව, තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග 02 ම පරාජයට පත්වුණා. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *