Where the Life Meets Cricket

info@cricketlk.com

අළු බඳුන පළමු දිනය පන්දු යවන්නන්ගේ ආධිපත්‍යයට - වාර්තාවකුත් අලුත් වෙයි

පර්ත් හීදී අද (21) ආරම්භ වූ අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී වාර්තාවක් අලුත් වී තිබෙනවා.

 

ඒ අළුබඳුන තරගයක පළමු දිනයේදී බිඳවැටුණු දෙවන වැඩිම කඩුලු සංඛ්‍යාව සනිටුහන් කරමිනි.

 

අද (21) දිනයේදී කඩුලු 19 ක් දවාගැනීමට පන්දු යවන්නන් සමත් වුණා.

 

එය දෙවන වන්නේ 1909 වසරේදී එංගලන්තයේ Old Trafford හීදී පැවති අළුබඳුන තරගයේ පළමු දිනයේදී බිඳවැටුණු කඩුලු 20 ක වාර්තාවට පමණයි.

 

අද (21) දිනයේදී එංගලන්ත ඉනිමේ කඩුලු 07 ක් බිඳ දැමීමට මිචෙල් ස්ටාර්ක් සමත් වූ අතර ඔස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 05 ක් බිඳ දැමීමට එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් සමත් වුණා.

 

දිනය අවසන් වනවිට ඔස්ට්‍රේලියාව කඩුලු 09 කට ලකුණු 123 ක් ලබා සිටියේ එංගලන්තය සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු 172 ට පිළිතුරු ලෙසයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *