Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශ භූ කම්පනයෙන් ක්‍රිකට් තරගයටත් බාධා

බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.

 

එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.

 

මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද දැණුනු බවද වාර්තා වෙයි.

 

ඩකා සහ අවට ප්‍රදේශ රිච්ටර් පරිමාණයෙන් 5.7 ක භූමිකම්පාවකින් පසුව බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර දෙවන ටෙස්ට් තරගය 3 වන දින shere bangla ක්‍රීඩාංගණයේදී තාවකාලිකව නතර විය.

 

අයර්ලන්තයේ පළමු ඉනිමේ 56 වන ඕවරයේ දෙවන පන්දුවේදී මෙම සිදුවීම සිදුවිය.

 

ක්‍රීඩකයින් සීමා රේඛාව දෙසට දිව ගිය අතර ක්‍රීඩාංගනයේ සිටි ප්‍රේක්ෂකයින් ද භීතියට පත්වූ බව සඳහන්.

 

අයර්ලන්තය ඕවර 78 කදී 233/7 ක් ලබා ගනිමින් බංග්ලාදේශයේ ලකුණු 476 ට වඩා ලකුණු 243 ක් පසුපසින් සිටියේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *