Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්තයෙන් T20 ලෝක වාර්තාවක්

ICC පූර්ණ සාමාජිකත්වය හිමි රටකට එරෙහිව T20I තරගයකදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගය අතරතුරදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 304 ක් රැස්කළා.

⭕ T20I තරග රටාව තුළ කණ්ඩායමක් රැස්කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙයයි.

⭕ එමෙන්ම ICC පූර්ණ සාමාජිකත්ව රටකට එරෙහිව T20I තරගයකදී කණ්ඩායමක් ලකුණු 300 + සීමාව පසුකර ගිය පළමු අවස්ථාව ලෙසටයි මෙය සැළකෙන්නේ.

 

Share This Post

Post a comment