පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 25කින් ලකුණු 34ක් කළේය.
එමෙන්ම භානුක රාජපක්ෂ ලකුණු 11ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10ක් හෝ රැස්කිරීමට නොහැකි වූහ.
සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් (3/9) හා රිචඩ් ගරාවා කඩුලු 2ක් (2/15) දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූහ.
මෙය විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව දැවීගිය 03 වන අඩුම ලකුණු සංඛ්‍යාව වේ.
එමෙන්ම ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ශ්‍රී ලංකාව ලොව ඕනෑම කණ්ඩායමක් හමුවේ ලකුණු 100ට අඩුවෙන් රැස්කළ 11වන අවස්ථාවද වේ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.
එහිදී බ්‍රයන් බෙනට් ලකුණු 49ක් හා නායක සිකන්දර් රාසා ලකුණු 47ක් රැස්කිරීමට සමත් වූහ.
ඔවුන්ට අමතරව රයන් බර්ල් (18), ටෂින්ගා මුසෙකිවා (11) සහ බ්‍රෙන්ඩන් ටේලර් (11) තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කළේය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.
එමෙන්ම පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකරන එෂාන් මාලිංගද කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරග රටාව තුළ කඩුලු 100 ක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට සිකන්දර් රාසා අද (20) පත්වුණා.
එමෙන්ම ඔහු ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ලකුණු 1000 ක් සහ කඩුලු 100 ක් ලබාගත් ක්‍රීඩකයන් අතරට තේරීපත් වුණා.
මෙම දක්ෂතාවය මෙතෙක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණයි.
