Where the Life Meets Cricket

info@cricketlk.com

ICC පිරිමි 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වෙන දින වකවානු මෙන්න

ICC පිරිමි 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

 

ඒ අනුව, එහි 16 වන අදියර ලබන වසරේ ජනවාරි 15 වනදා සිට පෙබරවාරි 06 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

 

මෙවර තරගාවලිය සිම්බාබ්වේ හා නැමීබියාවේ සත්කාරත්වය යටතේ පැවැත්වෙනවා.

 

කණ්ඩායම් 16 ක් තරග වදින මෙවර තරගාවලියේ අවසන් මහා තරගය Harare Sports Club හීදී පැවැත්වීමට නියමිතයි.

 

කාණ්ඩ 04 ක් යටතේ තරගාවලියේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වනවා.

 

ඒ අනුව A කාණ්ඩයෙන් ඉන්දියාව – බංග්ලාදේශය – අමෙරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය ද B කාණ්ඩයෙන් සිම්බාබ්වේ – පකිස්ථානය – එංගලන්තය සහ ස්කොට්ලන්තයට තරග බිමට පිවිසෙනු ඇති.

 

C කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව – ජපානය සහ අයර්ලන්තයත් D කාණ්ඩයෙන් ටැන්සානියාව – බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ඝනිස්ථානය සහ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *