
"මෙහේ හරිම සීතලයි - ඉදිරිපෙළ පිතිකරුවන් ඉදිරියට ගියේ නෑ"
පකිස්ථාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ සත්කාරක පකිස්ථානයට 3-0 ක ජයක් ගෙන දෙමින්.
මේ ඊයේ (16) තරගයෙන් අනතුරුව නායකයන් දෙපළ – තරගයේ හා තරගාවලියේ වීරයා දැක්වූ අදහස්.
පකිස්ථාන නායක ෂහීන් අෆ්රිඩි –
තරගාවලිය ජයග්‍රහණය කිරීම ගැන ඇත්තටම සතුටුයි. හැමෝම හොඳ කාර්යභාරයක් ඉටු කළා. ෆයිසාල් ඉතා හොඳින් පන්දු යැවුවා. වසීම් ආබාධයකින් පසු නැවත පැමිණීම මෙන්ම හරිස් රවුෆ් ගේ ක්‍රීඩා විලාශයද ප්‍රශංසනීයයි.
ඊයේ තරගයේ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් –
ඉදිරිපෙළ පිතිකරුවන් ආරම්භයක් ගත්තත් ඔවුන් හොඳින් ඉදිරියට ගියේ නෑ. වැන්ඩර්සේ ඇත්තෙන්ම හොඳින් ක්‍රීඩා කළා, හොඳින් පන්දු යැව්වා, මම ඔහු ගැන ගොඩක් සතුටුයි. ඔහු දිගු කලකට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. 20-20 තරගවලදී ක්‍රීඩකයින් හොඳ ෆෝම් එකේ සෙල්ලම් කරාවි. මෙහේ හරිම සීතලයි.
හරිස් රවුෆ් (තරගාවලියේ වීරයා) –
සර්වබලධාරි දෙවියන්ට ස්තූතියි. ඕනෑම අදියරකදී පන්දු යැවීමට මම මානසිකව සූදානම්. අවස්ථාවක් ලැබෙන සෑම අවස්ථාවකම මගේ උපරිමය දෙනවා. කඩුලූ ලබා ගැනීම සඳහා වෙනස්කම් වලට වඩා වේගය මත මම සැමවිටම විශ්වාසය තබනවා.
මොහොමඩ් වසීම් (තරගයේ වීරයා) –
සර්වබලධාරි දෙවියන්ට ස්තූතියි. මේ ජය සියලූම පන්දු යවන්නන්ගේ ඒකාබද්ධ උත්සාහයක්. නිවැරදිම දේ දිගටම පහර දීමයි. මගේ වෙනස්කම් ගැනත් මට විශ්වාසයි.