Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථානයට 3-0 ක පූර්ණ තරගාවලි ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින පූර්ණ තරගාවලි ජය 3-0 ලෙස පකිස්ථානයට හිමිවී තිබේ.

 

කාසියේ වාසිය දිනු පකිස්ථානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2 කදී කඩුලු සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 211 කි.

 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා‍ බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු 48ක්ද, සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකල පවන් රත්නායක ලකුණු 32ක්ද රැස්කළේය.

 

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් වසීම් ලකුණු 47කට කඩුලු 3ක් හා හාරිස් රවුෆ් ලකුණු 38කට කඩුලු 2ක්ද දවාගත්තේය.

 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල පකිස්ථානය පන්දුවාර 44 යි 4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්විය.

 

මොහොමඩ් රිස්වාන් නොදැවී 61 ක්ද Fakhar Zaman ලකුණු 55 ක්ද ලබාගත්තේය.

 

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 42 කට කඩුලු 3 යි.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *