නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත්වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායමට එරෙහිවයි.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලකුණු 170 ක් රැස්කළා.
ශ්‍රී ලංකව වෙනුවෙන් මිලාන් රත්නායක ලකුණු 41 ක් ද නායක දුනිත් වෙල්ලාලගේ සහ නුවනිදු ප්‍රනාන්දු පිළිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස්කළා.
ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3 ක් බිඳහෙලුවා.
ශ්‍රී ලංකා A සහභාගී වන දෙවන තරගය නොවැම්බර් 17 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

One Response
Mokadda ane me ape team ekata wela tyenne ? Loku ayath paradinawa podi ewunuth emai. Mokadda megollo karanne ?