Where the Life Meets Cricket

info@cricketlk.com

අළුබඳුන පළමු තරගයෙන් හේසල්වුඩ් ඉවතට

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් එංගලන්තයට එරෙහිව පර්ත්හිදී ලබන සිකුරාදා (21) ආරම්භ වන අළු බඳුන පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කර තිබේ.


හේසල්වුඩ්, නිව් සවුත් වේල්ස් හි වික්ටෝරියා කණ්ඩායමට එරෙහිව පැවති ෂෙෆීල්ඩ් පලිහ තරගයෙන් ඉවත් වූයේ ඔහුගේ කලවා මාංශ පේශියේ තද ගතියක් ඇති බවට පැමිණිලි කිරීමෙන් පසු මූලික ස්කෑන් පරීක්ෂණවල ප්‍රථිඵල අනුවයි.


ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය අද (15) තහවුරු කළේ හේසල්වුඩ් පර්ත් වෙත ගමන් නොකරන බවයි.
ඔහු වෙනුවට ක්වීන්ස්ලන්තඩ් ප්‍රාන්ත ක්‍රීඩක මයිකල් නෙසර් දැන් ඕස්ට්‍රේලියානු සංචිතයට එක්වනු ඇති.


ඕස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් ද පළමු අලු බඳුන තරගයට එක් නොවන්නේ ආබාධ තත්වය හේතුවෙනුයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *