සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම අද (14) සමත් වුණා.
රාවල්පිණ්ඩි හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 288 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 54 ක් ද සදීර සමරවික්‍රම ලකුණු 42 ක් ද කමිදු මෙන්ඩිස් ලකුණු 44 ක් ද රැස්කළා.
තරගයේ පළමු ඉනිමේ අවසන් භාගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නියැලුණු වනිදු හසරංග ලකුණු 37 ක් වාර්තා කිරීමට සමත්කම් දැක්වූවා.
ආබර් අහමඩ් සහ හරිස් රවුෆ් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.
ලකුණු 289 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48 පන්දු 2 තුළ කඩුලු 2 පමණක් දැවී තරගයේ ජය තමන් සතුකර ගත්තා.
පකිස්තානය වෙනුවෙන් Fakhar Saman ලකුණු 78 ක් ද බාබර් අසාම් ලකුණු 102* ක් ද රැස්කළා.
එම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

2 Responses
Ane Ape crickeet walata moko me une. dukai ane…
Tawa Kusal Mendis wa tiyan hurathal karapallako..😡😡😡😡