Where the Life Meets Cricket

info@cricketlk.com

දෙවන එක්දින තරගය අද - කුසල් මෙන්ඩිස් වාර්තාවක් අභියස

කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර එක්දින (ODI) ක්‍රිකට් දිවියේ 150 වන තරගයට අද (14) ක්‍රීඩා කරනවා.

 

මෙතෙක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 149 කට ක්‍රීඩාකර ඇති ඔහු ඉනිම් 146 කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 4,697 ක්.

 

ඊට ශතක 06 ක් සහ අර්ධ ශතක 34 ක් ඇතුළත්.

 

ලකුණු 35.05 ක සාමාන්‍යයක් පවත්වාගෙන යන කුසල් මෙන්ඩිස්ගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වන්නේ 87.99 ක් ලෙසයි.

 

කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින තරගයකදී රැස්කර ඇති වැඩිම ලකුණු 143 ක්.

 

ඒ නවසීලන්තයට එරෙහිවයි.

 

එම තරගය පවත්වා තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා වන අතර ඒ අනුව එම වාර්තාවට ඊයේ (13) දිනයට වසරක් සපිරුණා.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සපයා ඇති ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම සඳහා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි මහතා ඊයේ (13) රාත්‍රියේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේය.

 

දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (14) රාවල්පින්ඩිහිදී පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටියදී ඔහු මෙලෙස පැමිණ ඇත.

 

මෙහිදී ඔහු විසින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු කිහිප දෙනෙකු සමග සුහඳ කතාබහක ද නිරත විය.

 

මෙම අවස්ථාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාද පැමිණ සිටියේය.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *