Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරග දිනවල වෙනසක්

ආරක්ෂක හේතූන් මත පිරිමි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය පාකිස්තාන සංචාරයෙන් ඉවත් වුවහොත් විධිමත් සමාලෝචනයක් සිදු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.


ඔවුන් නවාතැන් ගෙන සිටින ඉස්ලාමාබාද් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන ලෙස ඉල්ලා තිබුණා.


සංචාරයේ ඉදිරිය සම්බන්ධයෙන් ඊයේ (බදාදා) රාත්‍රිය වන තුරු සාකච්ඡා පැවති අතර, ක්‍රීඩකයින්, කණ්ඩායම් කළමනාකාරිත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ පාකිස්තාන ආරක්ෂක නිලධාරීන් යන සියල්ලන්ම සාකච්ඡාවට සම්බන්ධ වූහ.


මෙම සාකච්ඡා ප්‍රමාද වී අවසන් වීමත්, අවිනිශ්චිතතාවය හේතුවෙන් අනෙකුත් සැපයුම් කටයුතු අතහැර දැමීමත් සමග, තරගාවලියේ ඉතිරි එක්දින තරග දෙක දිනයකින් බැගින් කල් දමා ඇත.


ඒ අනුව නොවැම්බර් 13 සහ 15 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තරග නොවැම්බර් 14 සහ 16 යන දිනවල පැවැත්වෙන බව පකිස්ථාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි නිවේදනය කළේය.

 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

 

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුදය මතුවිය. 

 

ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු මත යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඊයේ (12) උදෑසන තමන් වෙත දැන්වූ බවය.

 

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

 

එමෙන්ම සෑම අයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ අදාළ බලධාරීන් සමග සමීප සම්බන්ධීකරණයෙන් සියලු ගැටළු නිසි ලෙස විසඳන බවට ඔවුන්ට සහතික වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

 

මෙම තත්ත්වය තුළ තරගාවලිය සැලසුම්කළ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇත.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ඊට ආදේශක ක්‍රීඩකයන් යොමුකරන බව ක්‍රිකට් ආයතනය පවසයි.

 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියි.

 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *