Where the Life Meets Cricket

info@cricketlk.com

"මම වැරදි වැඩක් කලා නම් අවුරුදු 16 ක් එකම තනතුරේ ඉන්නේ කොහොමද ?"

 

“මම මගේ රැකියාවේ නරක කෙනෙක් නම් හෝ යම් වැරැද්දක් කළා නම්, මට අවුරුදු 16ක් බංග්ලාදේශයේ කියුරේටර් ලෙස රැඳී සිටිය නොහැකියි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මගේ වැඩ ගැන සෑහීමකට පත් වූ නිසා මට එහි රැඳී සිටීමට හැකි වුණා.”


මෙලෙස පවසන්නේ වසර 16 ක් බංග්ලාදේශ ක්‍රිකට් තණතිළි භාරකරු ලෙස කටයුතු කල ශ්‍රී ලාංකික ගාමිණී සිල්වායි.

ජාත්‍යන්තර සහ දේශීය තරග සඳහා ඔහුගේ අධීක්ෂණය යටතේ නිරන්තරයෙන් මන්දගාමී තණතිලි සකස් කල බවට ගාමිණී ද සිල්වා ද විවේචනවලට ද මුහුණ දී තිබෙනවා.

ඔහු කියා සිටියේ තමා කිසි විටෙකත් තනිවම කිසිදු තණතීරුවක් සකස් නොකළ බවත්, සියලූ තීරණ ගනු ලැබුවේ බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත බවත්ය.

තරගාවලි ජයග්‍රහණය කිරීමෙන් බංග්ලාදේශය පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලබා ගත් බවද කණ්ඩායම ජයග්‍රහණය කිරීමට උදව් කිරීම ගැන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තමාට ස්තූති කල බවද ඔහු කියාසිටියා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රධාන තණතිලි භාරකරු ගාමිණී ද සිල්වා සමග වසර 15 ක් පැවැති ගිවිසුම මෙම මාසයේ සිට අවසන් කිරීමට පසුගියදා තීරණය කලා.

2010 සිට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන තණතිලි භාරකරු ලෙස සේවය කළ ඔහුට 2025 ජූලි මාසයේදී වසරක දිගුවක් ලබා දෙනු ලැබුවා.

ගිවිසුමට අනුව, ධුර කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කරන්නේ නම් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුට මාස දෙකක වැටුපක් ගෙවිය යුතුයි.

ඒ අනුව එම වන්දි මුදල ගෙවීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කරන බවයි තහවුරු කළේ.

ගාමිණී ද සිල්වා ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනය භාරව තම ධුර කාලයෙන් වැඩි කාලයක් ගත කර තිබුණා.

ඕස්ට්‍රේලියානු ජාතික ටෝනි හෙමිංස් තණතිලි භාරකරු ධුරයකට පත්වීමෙන් පසු දෙපාර්ශවය අතර සම්බන්ධතාවය පළුදු වූ බව වාර්තා වේ.

ගාමිණී ද සිල්වා විසින් ඔහුව නිසි ලෙස පිළි නොගැනීමෙන් පසු ටෝනි හෙමිංස් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් ඉවත් වුණා.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතරම් දිගු කාලයක් එකම ස්ථානයක සේවය කළ එකම තණතිලි භාරකරු ඔහු වන අතර එය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ වාර්තාවක් ලෙසයි සැළකෙන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *