
දිනාගත් ආසියානු කුසලානය ළඟදීම ඉන්දියාවට
ආසියානු කුසලානය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෝසින් නක්වි අතර අර්බුදය විසඳාගෙන තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීම යටතේ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර අද (08) ඩුබායි හීදී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් අනුවයි.
මේ අනුව, ඉතාම නුදුරේදී ඉන්දියාවට හිමි කුසලානය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
ආසියානු කුසලානයේ තරග අතරතුර ඉන්දු – පකිස්තාන ක්‍රීඩකයන් අතර මතභේද රැසක් වාර්තා වූ අතර පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ද සභාපතිවරයා වන මෝසින් නක්වි වෙතින් කුසලානය ලබා ගැනීම ද ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කළා.
Share This Post
