
Hong Kong Sixes Bowl වටයේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 39 ක විශිෂ්ට ජයක්
මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගයෙන් ලකුණු 39 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
ඒ UAE කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ UAE කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 97 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ලක්ෂාන් ලකුණු 38 ක් සහ ළහිරු සමරකෝන් ලකුණු 31 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය UAE කණ්ඩායමට පන්දුවාර 5 යි පන්දු 02 කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 58 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු මධුසංක කඩුලු 02 ක් ද ධනංජය ලක්ෂාන්, ළහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
Share This Post
