Where the Life Meets Cricket

info@cricketlk.com

පකිස්ථාන සංචාරයට ශ්‍රී ලංකා පිළ අද යයි - තරගාවලියේ ආරක්ෂක සැළැස්ම එළිදකී

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ආරක්ෂක විධිවිධාන පකිස්ථාන පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ කර ඇත.


පූර්ණ ආරක්ෂාවක් සඳහා, ලාහෝර් සහ රාවල්පින්ඩි හි පකිස්ථාන හමුදා, රේන්ජර්ස් සහ ගුවන් හමුදා බළඇණි පවා යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.


පන්ජාබ් ස්වදේශ දෙපාර්තමේන්තුවට අනුව, හමුදාවේ සහ රේන්ජර්ස් හි එක් කණ්ඩායමක් ලාහෝර් හි යොදවනු ලබන අතර, කාණ්ඩ තුනක් බැගින් රාවල්පින්ඩි හි ස්ථානගත කරනු ලැබේ.


තුන්කොන් තරගාවලියේ තරග නොවැම්බර් 11 සිට නොවැම්බර් 27 දක්වා ලාහෝර් සහ රාවල්පින්ඩි හි පැවැත්වීමට නියමිතයි.


නොවැම්බර් 8 සිට නොවැම්බර් 30 දක්වා හමුදා සඳහා ආරක්ෂක විධිවිධාන ඉල්ලා ඇත.


තරග අතරතුර, කණ්ඩායම්වල රැඳී සිටීම – ගමන් කිරීම් අතරතුරදී මෙන්ම, සියලු අවස්ථාවලදී පූර්ණ ආරක්ෂිත පියවර ක්‍රියාත්මක වනවා.


පන්ජාබ් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හමුදා සහ රේන්ජර්ස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට විධිමත් ලිපියක් ද යවා ඇති අතර කණ්ඩායම් ආරක්ෂාව සහ අනෙකුත් විධිවිධාන නියමිත වේලාවට සම්පූර්ණ කරන ලෙස අදාළ සියලූම ආයතනවලට උපදෙස් දී තිබේ.

 

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) පකිස්ථානය බලා පිටත්වයාමට නියමිතයි.

Share This Post

Post a comment