Where the Life Meets Cricket

info@cricketlk.com

Bowl තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 03 ක ජයක්

මෙවර Hong Kong Sixes තරගාවලියේ Bowl තරග වටයේ ශ්‍රී ලංකා සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 03 ක ජයක් වාර්තා කිරීමට අද (08) සමත් වුණා.

 

ඒ නේපාල කණ්ඩායම එරෙහිවයි.

 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

 

ඒ අනුව නියමිත පන්දුවාර 06 අවසානයේදී කඩුලු 04 ක් පමණක් දැවී නේපාල කණ්ඩායම ලකුණු 86 ක් රැස්කළා.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරිඳු රත්නායක ලකුණු 17 ට කඩුලු 02 ක් සහ ළහිරු සමරකෝන් සහ ළහිරු මධුසංක එක් කඩුල්ල බැඟින් බිඳ හෙලුවා.

 

ලකුණු 87 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 යි පන්දු 3 ක් අවසානයේ තරගය ජයගැනීමත් වුණා.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ලක්ෂාන් සහ නිමේෂ් විමුක්ති පිළිවෙලින් නොදැවී ලකුණු 36 ක් සහ 33 ක් රැස්කිරීමට සමත් වුණා.

 

Bowl තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් 12.10 ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment