Where the Life Meets Cricket

info@cricketlk.com

Asia Cup 2025

තවත් දින කිහිපයකින් ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 19 න් 18 කම ආරම්භක වේලවල් සංශෝධනය කර තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ තරග පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට පවතින අධික උණුසුමයි.

මේ අනුව, අදාළ තරග ආරම්භ කිරීමට නියමිතව තිබූ වේලාවට වඩා විනාඩි 30 ක් ප්‍රමාද වී එනම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි.

පන්දුවාර 20 ආකෘතිය යටතේ මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ලබන 09 වනදා සිට 28 වනදා දක්වා ඩුබායි සහ අබුඩාබි හීදී තරග පැවැත්වෙනවා.

දිවා තරගයක් ලෙස පැවැත්වෙන එකම තරගය වන සැප්තැම්බර් 15 වනදාට යෙදී ඇති UAE – ඕමාන් තරගය පමණක් පෙර සැලසුම් කර තිබූ වේලාවටම පැවැත්වීමට නියමිතයි

Share This Post

Post a comment