
ජහනාරා අලාම් කල චෝදනා විමර්ශනයට කමිටුවක්
2022 එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුර හිටපු තේරීම් නිලධාරියෙකු තමාට අතවර කල බවට වේග පන්දු යවන ජහනාරා අලාම් විසින් කරන ලද චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබේ.
දින 15ක් ඇතුළත අදාළ සොයාගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මණ්ඩලය කමිටුවට උපදෙස් දී තිබේ.
ඔම විමර්ශනයේ සොයාගැනීම් මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කළේය.
කණ්ඩායමට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන ලදැයි කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක් විසින් මාධ්‍යවල වාර්තා කරන ලද චෝදනා සංවේදී ස්වභාවයක් ගන්නා බැවින්, චෝදනා හොඳින් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත.
දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ජහානාරා අලාම් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, කාන්තා කණ්ඩායම් තේරීම් කමිටු සාමාජිකයෙකු මෙන්ම කළමනාකරු ලෙස කටයුතු කළ කාලයේ අදාළ හිටපු නිළධාරියා නුසුදුසු ලෙස හැසිරුණු බවයි.
ඔහු තමාට අසභ්‍ය ප්‍රශ්න ඇසූ බව ඇය කියා සිටියාය.
මෙම සිද්ධිය හිටපු බංග්ලාදේශ ක්‍රිකට් අධ්යක්ෂ ෂෆියුල් ඉස්ලාම් නඩෙල් සහ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්රි වෙත වාර්තා කළ බව ඇය පැවසුවාය.
මෙම චෝදනා පැමිණෙන්නේ බංග්ලාදේශ නායිකා නිගාර් සුල්තානා තම කණ්ඩායමේ සගයන්ට ශාරීරිකව අපයෝජනය කළ බවට ජහානාරා තවත් සම්මුඛ සාකච්ඡාවකදී සමාන ප්‍රකාශයක් කළ වහාම වීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඒවා පදනම් විරහිත ලෙස හැඳින්වීය.
බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග 48 කදී සහ විස්සයි20 තරග 60 කදී ජහානාරා කඩුලූ 48 ක් දවාගෙන ඇත.
ඉන්දියාවේ Women’s T20 Challenge සහ FairBreak Invitational T20 තරගාවලියට සහභාගී වූ එකම බංග්ලාදේශ ක්‍රීඩිකාව ද ඇයයි.
Share This Post
