Where the Life Meets Cricket

info@cricketlk.com

2026 T20 ලෝක කුසලානයේ තරග කොළඹ ක්‍රීඩාංගණ 02 කදී හා පල්ලේකැලේ දී

2026 පිරිමි 20 ලෝක කුසලානය පැවැත්වෙන ඉන්දියාවේ ස්ථාන ලෙස අයි සී සී ය විසින් අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන ස්ථාන නම් කර ඇත.


ශ්‍රී ලංකාව විසින් ද මෙහි සම සත්කාරකත්වය දරන බැවින් ශ්‍රී ලංකාවේ ස්ථාන තුන ලෙස කොළඹ ක්‍රීඩාංගණ 02 ක් සහ මහනුවර කෙටි ලැයිස්තුගත කර ඇති බවයි පැවසෙන්නේ.


T20 ලෝක කුසලානය පෙබරවාරි 7 වන දින ආරම්භ වීමට නියමිත අතර මාර්තු 8 වන දින අහමදාබාද්හි අවසන් තරගයෙන් අවසන් වේ.


තරගාවලිය ආරම්භ වීමට මාස තුනක් පමණ ඉතිරිව තිබියදී, අයි සී සී ය ලබන සතියේ තරග කාලසටහන නිකුත් කිරීමට ඉඩ ඇත.


BCCI සහ ICC අතර ඇති කරගත් ගිවිසුමට අනුව, පාකිස්තානය ඔවුන්ගේ සියලූම තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනු ඇති.


පාකිස්තානය අවසන් තරගයට පිවිසෙන්නේ නම්, එම තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වේ.

 

2026 T20 ලෝක කුසලානයේදී්ත් කණ්ඩායම් 20ක් එක් කාණ්ඩයකට 5 බැගින් වූ කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමග එක් වරක් හෝ ක්‍රීඩා කරයි.

 

සෑම කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක සුපිරි අට අදියරට පිවිසෙන අතර, එහිදී ඔවුන් හතර දෙනෙකුගෙන් යුත් කාණ්ඩ දෙකකට ස්ථානගත කරනු ලැබේ.


සෑම සුපිරි අට කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

 

අවසන් පූර්ව වටයේ ජයග්‍රාහකයින් අවසන් මහා තරගයේදී හමුවනු ඇත.

 

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හැරුණු විට, තරගාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබූ අනෙකුත් කණ්ඩායම් වූයේ 2024 ඔ20 ලෝක කුසලානයේ ඉහළම කණ්ඩායම් හත වන ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්.

 

T20I ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව සුදුසුකම් ලැබූ කණ්ඩායම් තුන වූයේ නවසීලන්තය, පාකිස්තානය සහ අයර්ලන්තයයි.

 

ඇමරිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් කැනඩාව එකම ස්ථානය ලබා ගත්තේය.

 

පළමු වරට T20 ලෝක කුසලානයට සහභාගී වන ඉතාලිය සහ නෙදර්ලන්තය යුරෝපයේ කණ්ඩායම් පහකින් යුත් තරගාවලියෙන් සුදුසුකම් ලබා ගත්හ.

 

නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු Asia-EAP වටයෙන් ද කණ්ඩායම් අටකින් සමන්විත අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගයෙන් නැමීබියාව සහ සිම්බාබ්වේ ද සුදුසුකම් ලබාගත්තා.

Share This Post

Post a comment