Where the Life Meets Cricket

info@cricketlk.com

ලෝක ශූරියන් අගමැති මෝදි හමුවෙයි

2025 කාන්තා ලෝක කුසලානය දිනාගත් හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (05) පස්වරුවේ අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.


අගමැති මෝදි කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ අතර, පරාජයන් තුනකින් සහ සමාජ මාධ්‍යවල ඔවුන් මුහුණ දුන් විවේච්චනවලින් පසුව තරගාවලියේ ඔවුන්ගේ විශිෂ්ට නැවත පැමිණීම අගය කළේය.


2017 දී කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව එංගලන්තයට පරාජය වීමෙන් පසුව, අගමැති මෝදි හමුවීම නායිකා හර්මන්ප්‍රීත් කෞර් සිහිපත් කළාය.


ක්‍රිකට් කණ්ඩායම අගමැති මෝදිට ඔවුන්ගේ අත්සන සහිත ජර්සියක් ද තෑගි කළේය.


නමෝ යන නම ඇතුළත් ජර්සිය විශේෂ එකක් විය.


උප නායිකා ස්ම්රිති මන්දනා පැවසුවේ අගමැති මෝදි ඔවුන් සැමට ආශිර්වාද ලබා දී ඇති බවයි.
තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදතුන් ඉරියව් ක්‍රීඩිකා දීප්ති ෂර්මා පැවසුවේ තමන් අගමැති මෝදි හමුවීමට පුලපුලා බලා සිටි බවයි.


2017 දී අගමැති මෝදි හමුවූ විට ඔවුන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට දිරිමත් කිරීමද ඇය සිහිපත් කළාය.

Share This Post

Post a comment