
ඉන්දු පකිස්තාන ක්‍රිකට් අවුල ICC යේ ඉහළම සාකච්ඡාවකටත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරීන්ගේ විශේෂ රැස්වීමක් ඩුබායි හීදී අද (05) පැවැත්වෙනවා.
මෑතකාලීනව, දැඩි කතාබහට ලක්වූ මාතෘකා කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
නිමාවට පත්වූ ආසියානු කුසලානයේදී ඉන්දු – පකිස්තාන තරගවලදී හටගත් මතහේද / අමෙරිකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අර්බුද සහ ICC ය හා ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය අතර උග්‍ර වෙමින් පවතින මතහේද මෙහිදී ප්රමුඛස්ථානයක් ගනු ඇති.
අද රැස්වීමේදී සාකච්ඡාවට ලක්වන කරුණු පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා (07) පැවැත්වෙන අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදීයි.
Share This Post
